RecipeSage වෙත සාදරයෙන් පිළිගනිමු!
RecipeSage යනු බ්ලොග්, screenshots, PDF සහ අතින් ලියූ පවුලේ වට්ටෝරු ඇතුළු විවිධ තැන්වලින් වට්ටෝරු එකතු කරන අය සඳහා වූ පෞද්ගලික වට්ටෝරු පොතක් සහ සංවිධායකයකි. ඔබ භාවිත කරන ඕනෑම උපාංගයකින් පහසුවෙන් සෙවිය හැකි එකම තැනක ඒ සියල්ල තබා ගත හැක.
ඕනෑම වෙබ් අඩවියකින්, ඡායාරූපයකින්, PDF ගොනුවකින් හෝ ලේඛනයකින් වට්ටෝරු ස්වයංක්‍රීයව import කරන්න. ඔබගේ වට්ටෝරු, ආහාර සැලසුම් සහ භාණ්ඩ ලැයිස්තු වෙබ්, ඩෙස්ක්ටොප්, iOS සහ Android අතර සමමුහුර්ත කර ගන්න. වෙළඳසැලේ අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැති තැනකදී පවා ඒවා බලන්න. ආහාර වේල් සැලසුම් කරන්න, සුහුරු යෙදවුම් සහිත භාණ්ඩ ලැයිස්තු සාදන්න, ඔබගේ එකතුව මුද්‍රණය කළ හැකි වට්ටෝරු පොතක් බවට පත් කරන්න. පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදාගෙන එක්ව කටයුතු කරන්න.
RecipeSage සමඟ කළ හැක්කේ මොනවාද?
- ඕනෑම සබැඳියකින්, ඡායාරූපයකින්, PDF , හෝ ලේඛනයකින් වට්ටෝරු සුරකින්නURL වෙබ් අඩවියකින්, ඉවුම් පිහුම් පොත් පිටුවක ඡායාරූපයක් හෝ අතින් ලියන ලද වට්ටෝරු කාඩ්පතක් හෝ ඕනෑම ලේඛනයක් වෙතින් ස්වයංක්‍රීයව වට්ටෝරු සාදන්න.
- පෝෂණ තොරතුරු නිරීක්ෂණයඑක් පිළිගැන්වීමක කැලරි, ප්‍රධාන පෝෂක, විටමින් සහ ඛනිජ ප්‍රමාණ නිරීක්ෂණය කරන්න. පෝෂණ ලේබලයක් අලවා තොරතුරු ස්වයංක්‍රීයව පුරවන්න. ඕනෑම පෝෂණ අගයක් අනුව වට්ටෝරු පෙරහන් කරන්න
- ඉවුම් පිහුම් ක්රමයඅවධානය වෙනතකට නොයන සම්පූර්ණ තිර දසුනක අමුද්‍රව්‍ය සහ පියවර එක ළඟ පෙන්වයි. පිසින අතරතුර අවසන් කළ අයිතම සලකුණු කර, අවශ්‍ය පරිදි පිළිගැන්වීම් ගණන වෙනස් කරන්න. විශාල කළ හැකි අකුරු සමඟ තිරය නොනිවී තබා ගනී. මුළුතැන්ගෙයි භාවිත කරන ටැබ්ලට් උපාංගයකට ඉතා පහසුයි!
- මුළුතැන්ගෙයි මෙවලම් (ඒවායින් බොහොමයක්!)යෙදවුම තුළම ඇති බඳුන් ප්‍රමාණ පරිවර්තකයක්, මිනුම් පරිවර්තකයක්, පිසීමේ උෂ්ණත්ව සොයන මෙවලමක්, පෝෂණ ගණකයක් සහ ඔබ ළඟ ඇති අමුද්‍රව්‍ය අනුව වට්ටෝරු සොයන මෙවලමක්
- සෑම උපාංගයක් සඳහාම යෙදවුම්Windows, macOS සහ Linux සඳහා Native ඩෙස්ක්ටොප් යෙදවුම්, iOS සහ Android සඳහා Native යෙදවුම් සහ ඕනෑම බ්‍රවුසරයක ක්‍රියා කරන වෙබ් යෙදවුමක්. සියල්ල එකිනෙක සමමුහුර්තව පවතී.
- අන්තර්ජාලය නොමැතිවත් ක්‍රියා කරයිඅන්තර්ජාලය නොමැතිවත් ඔබගේ වට්ටෝරු එකතුව සෙවිය හැක. එය ඔබගේ සියලු උපාංග අතර ස්වයංක්‍රීයව සමමුහුර්ත වේ. දුර්වල සම්බන්ධතා සඳහා one-tap නොබැඳි ක්රමයක්ද ඇත
- drag and drop මඟින් ආහාර සැලසුම් කිරීමdrag and drop භාවිතයෙන් දින දර්ශනයක ඔබගේ ආහාර වේල් කාලසටහන්ගත කරන්න. අයිතම දිනපතා, සතිපතා හෝ මාසිකව නැවත නැවත යොදන්න. සැලැස්ම මුද්‍රණය කර පවුලේ අය සමඟ බෙදාගන්න
- භාණ්ඩ ලැයිස්තු සඳහා සුහුරු යෙදවුම්වෙළඳසැලේ භාණ්ඩ අංශ අනුව ස්වයංක්‍රීයව වර්ග කර, සුහුරු ලෙස කාණ්ඩගත කරයි: භාණ්ඩ ලැයිස්තුවකට වට්ටෝරු කෙළින්ම එකතු කළ විට සමාන අයිතම ඒකාබද්ධ කෙරේ
- වට්ටෝරු ප්‍රමාණ වෙනස් කිරීම සහ ඒකක පරිවර්තනයගුණකයක්, අවශ්‍ය ආහාර ප්‍රමාණය හෝ එක් අමුද්‍රව්‍යයක ප්‍රමාණය අනුව වට්ටෝරුවේ ප්‍රමාණ වෙනස් කරන්න. මෙට්‍රික් සහ ඉම්පීරියල් ඒකක අතර පරිවර්තනය කරන්න
- වැඩි පහසුකම් සහිත වට්ටෝරු සංස්කාරකයකොටස් ශීර්ෂ, තද, ඇල අකුරු, යටි ඉරි සහ වගු සහිත අමුද්‍රව්‍ය, උපදෙස් සහ සටහන් සඳහා ආකෘතිකරණ මෙවලම් තීරුවක්
- බලවත් සෙවීම් සහ ලේබල්අතුරු-අමුද්‍රව්‍ය මෙවලමක් ඇතුළුව වට්ටෝරු සොයන්න, නැතහොත් ඔබ පවරන ලේබල් කට්ටලයක් මඟින් පෙරීම
- බෙදාගැනීම සහ සහයෝගීතාවයවට්ටෝරු ප්‍රසිද්ධියේ හෝ මිතුරන් සමඟ බෙදා ගන්න, සහ ආහාර සැලසුම් සහ භාණ්ඩ ලැයිස්තු සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න
- විවිධ මූලාශ්‍රවලින් වට්ටෝරු රැසක් එකවර import කරන්නimport කළ හැකි මූලාශ්‍ර: Pepperplate, Living Cookbook, Paprika, Mela, Crouton, Cookmate, Recipe Keeper, CopyMeThat, CookBookManager, Flavorish, Evernote, Plan to Eat, MyRecipeBox, Tandoor, Apple Notes, Google Keep, Google Docs, Microsoft Word, Obsidian, Notion, Joplin, Bear, Logseq, Simplenote හෝ ඕනෑම JSON-LD / CSV Export එකක්
- export කිරීම සහ දත්ත වෙනත් තැනකට ගෙන යාමේ හැකියාවඔබගේ දත්ත ඔබගේමය. RecipeSage එය ප්‍රාණ ඇපයට තබා නොගනී. ඔබගේ දත්ත ඕනෑම වේලාවක PDF, JSON-LD, හෝ සාමාන්‍ය වචන ලෙස export කරන්න
- Firefox සහ Chrome සඳහා බ්‍රවුසර extension එකඔබ යෙදවුම විවෘත නොකර වෙබය පුරා අඩවි බ්‍රවුස් කරන අතරතුර ඕනෑම වෙබ් පිටුවකින් වට්ටෝරු කෙලින්ම ඔබගේ RecipeSage ගිණුමට ක්ලික් කරන්න
ඔබගේ භාෂාවෙන්
RecipeSage යනු ප්‍රජා-පරිවර්තනයකි. අතුරු මුහුණත, අමුද්‍රව්‍ය විග්රහ කිරීම සහ භාණ්ඩ ලැයිස්තු වර්ගීකරණය ඔබගේ භාෂාවෙන් ක්‍රියා කරයි.
- العربية
- Čeština
- Dansk
- Deutsch
- Ελληνικά
- English
- Español (España)
- Español (México)
- Euskara
- Suomi
- Français
- עברית
- हिन्दी
- Magyar
- Italiano
- 日本語
- 한국어
- Lietuvių
- Norsk bokmål
- Nederlands
- Polski
- Português (Brasil)
- Português (Portugal)
- Română
- Русский
- සිංහල
- Svenska
- Türkçe
- Українська
- 中文 (简体)
- 中文 (繁體)
ඇයි RecipeSage?
- නොමිලේ ලබාදෙන විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි: දැන්වීම්, ගෙවීම් බාධක හෝ පරිශීලක ලුහුබැඳීමක් නැත
- Windows, macOS, Linux, iOS සහ Android සඳහා Native යෙදවුම් සහ ඕනෑම වෙබ් බ්‍රවුසරයකින් භාවිත කිරීමේ හැකියාව — අන්තර්ජාලය ඇතිවත් නැතිවත්
- ඕනෑම URL එකකින්, ඡායාරූපයකින්, PDF එකකින් හෝ text file එකකින් ස්වයංක්‍රීයව import කරන්න
- ආහාර සැලසුම් කිරීම සහ භාණ්ඩ ලැයිස්තු සැකසීම සඳහා පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව කටයුතු කරන්න
- ඔබේම සර්වරයක පවත්වාගෙන යන්න, නැතහොත් RecipeSage.com හි නොමිලේ ලබාදෙන සේවාව භාවිත කරන්න
- තාක්ෂණික දැනුම ඇති අයට භාවිත කළ හැකි, ලේඛනගත පොදු API එකක්
